සංවෘත වෙළෙද පළේ අතාර්කිකය හා “සාගරයක් මැද”

රාජ්‍ය මැදිහත්වන සීමාකාරී වෙළෙද පළ සම්බන්ධයෙන් හොදම කලා කෘතිය වෙන්න ඕන ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද චිත්‍රපටය”. පැරණි වාමාංශිකයන් එක්ක කරන කතා බහෙන් තේරුම් ගන්න පුළුවන් උනේ ඉතාම ප්‍රාථමික හා නොදියුණු වෙළෙද පළක් වූ 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් නායකත්වය දුන්න ඒ යුගය ගාමිණී ෆොන්සේකා වීසින් සාර්ථකව නැවත කියවා ඇති බවයි.

75303710_10212625827880536_7323076787670351872_n

ඇත්තටම අපේ අම්මල තාත්තල ඇතුළු වැඩිමහල්ලන් පවසන පරිදි දවසෙ කෑම හොයා ගන්න ඇරෙන්න වෙන වැඩක් කරන්න ඒ කාලෙ වෙලාව තිබිල නැහැ. ඒ තරමට ඒ වෙළෙද පළ විසින් සමාජය තල්ලු කළේ ප්‍රාථමික හා නොදියුණු ශිෂ්ඨාචාරමය යුගයකට. ඒක කොයි තරම් සමාජ පීඩනයක් උනා ද කියනව නම් 1977 මහා මැතිවරණයෙදි විශාල බලයක් යූඑන්පී එකට ලැබුණ. ඒත් ගමවල ශ්‍රීලනිපයට තිබුණ බලය විශාල ලෙස ඛාදනය වෙලා තිබුණෙ නැහැ.

ඒ වගේම නිදහස් වෙළෙද පළ යාන්ත්‍රණය තුළ ගෙවී ගිය වසර හතරකට පස්සෙ 1982 ජනාධිපතිවරණය වෙන කොට රටේ එක්තරා කලාපයක් යූඑන්පී පාලනය තරයේ ප්‍රතික්ශේප කළා. එහෙම ප්‍රතික්ශේප වුනේ නිදහස් වෙළෙද පළ යාන්ත්‍රණයෙන් පිටමන් කර තිබූ හා වරප්‍රසාද නොලැබූ ප්‍රදේශ වල ජනතාව විසින්. නමුත් වෙළෙද පළ යාන්ත්‍රණයෙන් වරදාන ලැබූ ප්‍රදේශවල ජනයා යූඑන්පී ආණ්ඩුව ඉහළටම ඔසොවා තැබුවා.

පුපුරා යෑම සිද්ධ උනේ නිදහස් වෙළෙද පළ ආර්ථිකයේ ඝෘජු බලපෑමෙන් වුවත් ඒ පුපුරා යෑම් තලා පොඩි පට්ටම් කිරීමෙන් පසුව නිදහස් වෙළෙද පළ යළි ස්ථාවර කර ගැනීමට ධනේෂ්වර පාලකයන් සමත් වුනා. ඒ ස්ථාවරවීම සිදු උනේ ජාතිකත්ව පදනමින් හා පාදඩ වෙළෙද බලවේගයන්ගේ ශක්තියෙන් යැයි කීවොත් වඩා නිවැරදියි. එල්ටීටීය පරාජය කළ නිසා ජාතිකත්ව පදනමෙන් ධනේෂ්වරයට ලොකු ශක්තියක් ලැබුණා. එසේම 1978 වෙළෙද පළ නිදහස්කරණයෙන් නිර්මාණය වූ පාදඩ ආර්ථික බලවේගයන් විසින් ඒ ධනේශ්වරය ආරක්ෂා කළා. අලුත් වටයකින් නිදහස් වෙළෙද පළ තමන්ගේ දිවි රැක ගත්ත. ධනේශ්වරයේ සම්භාව්‍යය අර්ථයෙන් වූ නිදහස් වෙළෙද පළක් මේ වනවිට නැහැ. ඇත්තේ පාදඩ බලවේගයන් නිර්මාණය කළ නිෂ්පාදන බලවේගයන් නිසා කළු සල්ලි වලින් දිවෙන ආර්ථිකයක්.

විමුක්ති හඩ

Leave a comment